මේ ලෝකෙ අපිට ගොඩක් වෙලාවට ජීවත් වෙන්න වෙන්නෙ චූටි කොටුවක් ඇතුලෙ.මේ ලෝකෙ අපෙං බලාපොරොත්තු වෙන්නෙ ඒක...ඔයාටත් ඕනෙ ඒ සීමාවෙ හිරවෙලා ඉන්නද...?එහෙම නෙමෙයි නං,එන්න... අපි ඒ සීමාව බිදගෙන පියාඹමු..
Sunday, 21 February 2021
මට දැණුන කවි...(episode 2)
පළහිලව්වෙන් පල කිව්ව ජීවිතය
( පෙම් පැටලැවිල්ලක් නිසා මිතුරියක කදුරු කන ලදී)
යොවුන් වියේ කළලයෙන්
වසංගා තැබූ රහස
කිසිදා අපට නොකියුව
කලඑළි කළා ඇය
ඇගෙ සිනා මල් පුබුදන්න
දිනෙන් දින මෝරන්න -ඉඟි ලන්න
කෙටියෙන්ම කිව්වොත් ඈ පබාවතී
වෙන්න ගියේ ටික කාලයයි මයි හිතේ
අපිට තිබ්බෙත් ටිකක් ලොකු හීන
පුදුමයක් දැනෙන්නෙ ඒකයි ප්‍රශ්නයක් තිබ්බද උඹට
කදුරු ම කන්නම
බ්ලේඩ් එකකින් අත කපාගන්න
හිතක් තිබුන එක පුදුමයි බලනකොට මගේ අතපය
කතාබහේ උනත් වෙනසක් තිබුණ බව තේරුනා
අලුත් තාලේ ගීතයක හිරගෙවල් වලත් නොලියවෙන වහසි වදන් බස්
නිතර දෙවේලේ මුමුණනකොට
ගණන් පාඩම ට හොරෙන් කෑම කන
ඉන්ටවල් එකට උසස් පෙළ පන්තියේ පැත්තට දුවන
අත් අල්ලන් හිනා වෙවී එක එක අයියලා එක්ක දෑ දොඩවන කොට
අපිට තිබ්බේ "හාල් - පොල්" අඹරන්න
ටින් කරලා හංගලා තිබ්බ කොන්ඩය
ලෙඩ කියලා ඉස්කෝලෙ කට් කරා දින දින
අපි 'ගොළු හදවත' කියවනකොට උඹලා ගිහිල්ලා ගොඩක් දුර
ගුරුවරුන්ගෙ දෙස් දෙවොල් වලින් නෑ වුන
නවත්තන්න ම කිව්ව සම්බන්ධය
විභාගය කොරල මොන තූතුගුලියක
ගිහිල්ලද දන්නෙත් නෑ අර අයියා
ඈ හිටියේ අඬ-අඬ බැනුම් අහ අහ
මොන හෝ හේතුවකට -දුර ඉඳන් බලනවා මිසක
ඉස්සර වගේ ලස්සනක් තිබුනේ නෑ ඒ මල
ඒ මොනව තිබ්බත්
පුදුමයක් දැනෙන්නෙ තාම ප්‍රශ්ණයක් තිබුණ යැ
උඹට කදුරු ම කන්න...
©සුභාෂිත ලක්මිණ
Subscribe to:
Posts (Atom)
-
උඹලා දන්නවද...අපි ජීවත් වෙන්නෙ මොකටද කියලා...උඹලා දන්නවද මේ ජීවිතේ අරමුණ මොකක්ද කියලා.අපි කවුරුත් ම ඒක දන්නෙ නෑ.සමහරු අගවනවා ඒ බව...
-
කොරෝනා නිසා ගේ ඇතුලෙම හිරවෙලා ඉදලා මට හොදටෝම එපාවෙලයි තිබුණෙ.තවත් එක මොහොතක්වත් ගේ ඇතුලට වෙලා ඉන්න මගෙ හිතේ කිසිම කැමැත්තක් ඉතුරුවෙලා ති...