Tuesday, 19 May 2020

බර්මියුඩා...

අභිරහස් බර්මියුඩා



මේ හැම තැනම අපිට ඕන තරං අභිරහස් තියෙනවා. ලෝකය අභිරහස් වලිං පිරිලා.කුතුහලය අපිව නිතරම අභිරහස් දිහාවට තල්ලු කරනවා.ඉතිං අපි අභිරහස් පිටුපස හඹායනවා.මිනිසා අද මේ ඉන්න තත්වය දක්වා දියුණු වෙන්න හේතුවුණු ප්රධානතම කාරණය තමයි "කුතුහලය".යමක් සොයා දැනගැනීමේ ආශාව.

කව්රුහරි කෙනෙක් අපි යමක් දැන ගැනීම වළක්වන්න හදනවනං අපි ඒ දේ කොහොම හරි දැනගන්නවමයි.අන්න ඒක තමයි කුතුහලය.කුතුහලය නිසා අපිට සමහර වෙලාවට බැණුම් අහන්න සිද්ධ වෙනවා.ඒ තියා සමහර වෙලාවට ගුටිකන්නත් වෙන අවස්ථා එමටයි.ඒත්......කුතුහලය නැත්තං අද අපි කව්රුවත් මෙතන නෑ සහෝදරයා.

කුතුහලය ඔස්සේ අපි අභිරහස් හඹා යනවා.ඒවායේ පතුලටම කිමිදෙනවා.අන්තිමේදි ඒ ඔස්සේ දැනුමක් ලබා ගන්නවා.අන්න ඒ දැනුම අපි "විද්යාව"කියලා හඳුන්වනවා.

ඒ කොහොම වුණත් මනුස්සයින්ට හිතාගන්නවත් බැරි අභිරහස් මේ ලෝකෙ කොයිතරංනං තියෙනවද?
අභිරහස් ගැන ගත්තහම ලෝකෙ එදා මෙදා තුර බිහිවෙච්ච බොහොම ආන්දෝලනාත්මක අභිරහස් තියෙනවා.කිසිම දවසක නොවිසඳුන ඒවා.ඒ ගැන කල්පනා කරලා කරලම මිනිස්සුන්ට පිස්සු හැදෙන තරං ඒවා."බර්මියුඩා ත්රිකෝණ කතාව"ත් අන්න ඒ වගේ එකක්.

බර්මියුඩා ත්රිකෝණ අභිරහස ගැන අහලා නැති කෙනෙක් හොයාගන්නවා කියන එකත් පිදුරු ගොඩේ ඉඳිකටුවක් හොයනවා වගේ වැඩක්.මොකද අභිරහස එච්චරටම ප්රසිද්ධයි.ප්රසිද්ධයි කියන එකේ අදහස වඩාත් භයානකයි කියන එකයි.

බර්මියුඩා ත්රිකෝණය,යක්ෂයාගේ ත්රිකෝණය කියලා හඳුන්වන ප්රදේශය හරියටම සීමා මායිම් නියම නොවුණු ප්රදේශයක්.
කොහොම වුණත් අත්ලාන්තික් සාගරයේ පිහිටලා තියෙන මෙම කලාපය ඇමරිකාවේ ෆ්ලොරීඩා වෙරළ තීරයෙනුයි පියුටෝ රිකෝ හා බර්මියුඩා දිවයිනෙන් මායිම්වන බවයි පොදු පිලිගැනීම.සාමාන්යෙන් ගුවන් නියමුවො කපිතාන්වරු කියන්නෙ ගොඩක් නිර්භීත පුද්ගලයො.ඒගොල්ලො කරන රැකියාව නිර්භීතභාවය නැතුව කරනවයි කියන එකත් හීනයක්.ඒත් එහෙව්වෙච්ච කපිතාන්වරු ගුවන්නියමුවො "බර්මියුඩා" නම ඇහුණත් වෙවිලන තත්වයට පත් වීම සුලු කොට තකන්න පුලුවං කරුණක් නං නෙමෙයි.
ඇත්තටම ඒ මිනිස්සු ඒ ගැන බය නොවුණොත් තමයි පුදුමෙ.ඒ කලාපය ඔස්සේ යන ගුවන් යානා,නැව් කිසිම හෝඩුවාවක් නැතුව අතුරුදන් වෙද්දි බය නොවී කොහොමද?ගුවන් යානා නැව් වගේ වාහනවල ඒවායේ ආරක්ෂාව සම්බන්ධයෙන් කලු පෙට්ටි,රේඩාර් වගේ දේවල් තිබුණත් බර්මියුඩා අභිරහසෙදිනං ඒවගෙං වැලි කැටයක් තරංවත් ප්රයෝජනයක් ලැබුණෙ නෑ.

ලෝකයම ආන්දෝලනාත්මක තත්වයකට පත්කල බර්මියුඩා ත්රිකෝණය ගැන පළමුවරට ලෝකයාගේ අවධානය යොමු වෙන්නෙ 1950 දි. ඒ එඩ්වඩ් ජෝන්ස් කියන මාධ්යවේදියා ඇසෝසියේටඩ් ප්රෙස් කියන සඟරාවට ලියපු ලිපියක් හේතුවෙන්.
ඔහු තමංගෙ ලිපියෙදි "ඇමරිකානු නාවික හමුදාවෙ ටෝපිඩෝ බෝම්බ 5ක් 1945 වර්ෂයේ දෙසැම්බර් 5 අතුරුදන්වූ බවත්",ඊට පස්සෙ "ස්ටාර් ටයිගර් යන ගුවන් යානය 1948දීත්,ස්ටාර් ඒරියල් ගුවන්යානය 1949දීත් අතුරුදන් වූ බවත්"සඳහන් කරනවා වගේම මේ සියල්ලෙන් පුද්ගලයින් 135 පමණ ඒවන විටත් ආගි අතක් නොමැති බවත් නිරාවරණය කරනවා.ඒ වගේම අතුරුදහන් වුණ කිසිම පුද්ගලයෙක් ගැන එකඳු හෝඩුවාවක් නොලැබීම භීතියට කරුණක් වුණා.එතනිං ආරම්භ වෙච්ච බර්මියුඩා උණුසුම අවුරුදු 70ක් ගෙවිලත් අද වෙනකම්ම තියෙනවා.

බර්මියුඩා ත්රිකෝණ කතාවෙදි සිද්ධිය තවත් උණුසුම් තත්වයකට පත්වෙන්නෙ මේ සිදිධියට පිටසක්වල ජීවීන් සම්බන්ධ කර ගැනීමත් එක්කයි.මෙතෙක් කල් උණුසුම් තත්වයක තිබුණු බර්මියුඩා අභිරහස ඒ කතාවත් එක්ක ඉතාමත් උණුසුම් තත්වයකට පත් වෙනවා.මේ කාලෙ වෙද්දි ඇමරිකාවෙ කැලිෆෝනියා ප්රදේශයේ ඇතිවෙච්ච අභිරහස් සිද්ධි නිසා ඒගැන කතාබහ තවත් ඉහළ යනවා.(කැලිෆෝනියා සිද්ධි ගැන ඉදිරි ආටිකල් එකකින් කතා කරමු.)

කොහොම වුණත් බරාමියුඩා ත්රිකෝණ අභිරහසට පිටසක්වල ජීවීන් සම්බන්ධ වෙන්නෙ 1955දි.ඒ එම්.කේ ජෙසප් "The case for the UFO" කියන ලිපිය හරහා බර්මියුඩා අභිරහස පිටසක්වලයින් පිට පැටවීමත් එක්ක.

මේ අභිරහස,අද මේ තරං ප්රචලිත අභිරහසට ඒ නම ලැබෙන්නෙ 1964දි.ඒ වින්සිටන්ට් ගාඩිස් මෙය බර්මියුඩා ත්රිකෝණය ලෙස නම් කිරීමෙන් අනතුරුවයි.

ඒ වෙනතුරු බර්මියුඩා අභිරහස නිසා ජීවිත 1000කට වඩා නැතිවී තිබෙන අතර ඒ ජීවිත අහිමිවීම්වල කිසියම් රටාවක් තිබෙන බව චාර්ල්ස් බර්ලිට්ස් ඔහුගේ බර්මියුඩා ත්රිකෝණය කියන පොතේ සඳහන් කරනවා.ඒ පොත අලෙවි වාර්ථා තැබීමට සමත්වීමෙන් පෙනෙන්නෙ මිනිස්සුන්ගෙ ඒ පිළිබඳව තිබුණ උනන්දුව.

කොහොමවුණත් බර්මියුඩා අභිරහස ගැන මතවාද නම් මදිනොකියන්නම ඉදිරිපත් වුණා.සමහරු ඒ ගැන පිටසක්වලයින්ට බැණ වදිද්දි තවත් පිරිසක් භූතයින්ට බැණ වැදුණා.ඒ වගේම විද්යාත්මක මතවාද වලිනුත් බර්මියුඩා අභිරහසට විසුමක් තිබුනෙ නෑ.

ලැරී කුෂ් කියන කතුවරයා 1975දි ලියපු "බර්මියුඩා ත්රිකෝණයේ අභිරහස විසඳුවා"පොතේ අධි චුම්භක ක්ෂේත්රයක් බර්මියුඩා කලාපයේ පවතින නිසා එමගින් රේඩාර් පද්ධතියට බාධා පමුණුවා යානා හා නැව් ගිල්වාගන්නවා කියන මතය සඳහන් වෙනවා.

කොහොමවුණත් භූතයො පිසාචයො,පිටසක්වල ජීවියො ,චුම්බක ක්ෂේත්ර ඔස්සේ බර්මියුඩා අභිරහස දිගටම ගලාගෙන ආවා.

මෑතකදි නාසා ආයතනය විසින් ලබාගත් චන්ද්රිකා ජායාරූප විශ්ලේෂණය කරලා අලුත්ම අදහසක් ඉදිරිපත් කරන්නෙ බර්මියුඩා ලෝකය තව තවත් පුදුම සහගත දේවල් වලිං පුරෝමින්.
ෆ්ලොරිඩා වෙරළෙන් 240 Km පමණ ඔබ්බෙන් බහාමාස් දූපතා ආසන්නයේ 32 Km ත් 84 Km ත් අතර පරිමාණයේ අසාමාන්ය ෂඩාස්රාකාර වලාකුලු විශේෂයක් එම චන්ද්රිකා ඡායාරූප ඔස්සේ නිරීක්ෂණය වෙනවා.එවැනි වළාකුලු තියෙන එක ස්වභාවික දෙයක් වුණත් මේ වළාකුලු වලට ඍජු දාරයක් තිබීම කොහෙත්ම ස්වාභාවික නෑ.
මෙම ප්රදේශයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර 160 විතර වෙනවා.ඒ සුලං පහරට මීටර 14 උස රළ පහරක් ඇති කරන්න හැකියාවක් තබෙන බවත් සොයා ගැනුණා.

ඒත් මේ සම්බන්ධයෙන් වැදගත්ම ආරංචිය ලැබෙන්නෙ ඇරිසෝනා විශ්ව විද්යාලයේ රැන්ඩි සර්වනි විසින් ඉදිරිපත් කරපු මතයකිනුයි.
එම අසාමාන්ය වලාකුලුවලට වායුබෝම්බ නිපදවීමේ හැකියාවක් තියෙනවා කියලා කිව්වහම මුලු විද්යාත්මක ලෝකෙම තක්බීරි වෙලා යනවා.

"මයික්රො පිපුරුම්කාරක නැමති දේ එක්වීමෙන් වලාකුලු අතර වායුබෝම්බ නිපදවෙන බවත් ඒ වායුබෝම්බ වළාකුලේ පහත ප්රුෂ්ටය ඔස්සේ මුහුදට පතිත වේ"කියන එකයි සවර්වනිගෙ මතය.ඇතැම් අවස්ථා වලදි මේ වායු බෝම්බ ඉතා විශාලව පැතිරී ඒවා එකිනෙක අතර ප්රතික්රියා කරන බවත් සර්වනි වැඩි දුරටත් පැවසුවා.

විද්යාත්මක ලෝකය එදා මෙදා නොමැකෙන නාමයක් සටහන් කළ බර්මියුඩා අභිරහස තවමත් මට නං අභිරහසක්.සමහර විට මේ අභිරහසට හේතු ඔවුන් සඳහන් කරපු දේවල් වෙන්න ඇති.එහෙම නැත්තං අපි කව්රුවත්ම මේ වෙනකං හිතපු නැති වෙනමම දෙයක් වෙන්න ඇති.

ඇත්තටම මේ ලෝකෙ අභිරහස් කොයිතරං නං ඇද්ද? එන්න..... අපි ඒවා හොයාගෙන යමු.

අබ්දුල් උමර් සහන් නෙත්මිණ

මම ඉන්නෙ අතරමං වෙලා මුහුදක...





මම ඉන්නෙ අතරමං වෙලා මුහුදක
එක පැත්තකිං පේනවා මට දූපතක්
තවත් පැත්තකිං තව එකක්...
දැං මම යන්නෙ කොයිකට ද
ඒකයි ප්‍රධාන ප්‍රශ්නය මෙතන

එක දූපතක්
රන් ආකරයක් සහ සුරපුරයක්...
අනෙකෙ ඒ හැටි දෙයක් නැතත්
සාමාන්‍යයෙං අවුලක් නැති එකක්...

දැං යන්නෙ කෝකට ද...?

සුරපුරයක් වගේ උනත් පළවෙනි දූපත
ඒක තියෙන්නෙ ගොඩාක් ඈත...
අර පේන ක්ෂිතිජ ඉමටත් එහා...

ඒ වගේම තවත් දාහක් දෙනා
පීනනවා ඒ දූපතටම
හැබැයි දූපත ලැබෙන්නෙ
ඉස්සෙල්ලාම යන කෙනාට
මං ඉන්නෙ පිටිපස්සෙංම
තව නවසිය අනූ නමයක්ම ඉස්සරහිං

අනෙක් දූපත නං තියෙන්නෙ අත ළග
පීනන්න අත දික්කරද්දිත් අත වැදෙන මානෙ

ඒ වගේම අරකට වගේ මේකට
නෑ මහා සෙනගක්
තවත් හිකනල්ලු දෙතුං දෙනෙක්
ඈතිං ගෑටුවත්
මට මගේම කරගන්න පුලුවං ඒක
කිසිම ගේමක් නැතුව...

ඒත් මම අවුරුදු ගානක් පීනුවෙ
අර පළවෙනි දූපත හොයාගෙන
එහෙම යද්දි අහම්බෙං හම්බෙච්ච එකක් මේක
තාම මාස ගානයි පේන්න අරං...

එහෙමත් නැත්තං මට කරන්න තියෙන්නෙ
මේ මහා සාගරයෙ
තවත් ඉස්සරහට පීනන එක
එතකොට සමහර විට
මුණ ගැහේවි මේ එකකටවත් වඩා හොද දූපතක් මට

දැං මොකෝ කරන්නෙ මම
අවුරුදු ගානක් ලුහුබැඳන් ගිය
දූපතට යනව ද
අහම්බෙකින් ළං වුනු අලුත් එක මගේ කරගන්නව ද
එහෙමත් නැත්තං..
දිගින් දිගටම ඉස්සරහටම යනවද ?

[අබ්දුල් උමර් සහන් නෙත්මිණ ]

මේ උපන්දින සුබපැතුම ඔයාට...








සුබ උපන්දිනයක්....ඔයාට...

මේ උපන්දින සුබ පැතුම ඔයාට...
මම කියන්නෑ කාටද කියලා...
ඒත් මම සුබ පතන්නෙ ම ඔයාට...
ඔයාට විතරමයි...

ඒත් මං දන්නවා ඔයා
දකින්නෙ නැති බව මේක
දැක්කත් තේරුං ගන්නෙ නැති බව

ඒත් සුබ පතනවා මම
සුබ නොපතා ඉන්නෙ කොහොමද

ඔයා අදුරන්නෙ නැති උනත් මාව
මම ඔයා අදුරගෙන අවුරුදුම 4ක් මේ මැයි 15ට

කවදාවත් නැතුව උපන්දිනේ
අමතක වුණා මට මේ පාර...
ඒ වෙන එකක් නිසා නෙමෙයි..
මට දිනේ අමතක වුණ නිසා...

තාමත් කැලැන්ඩර පිටුවෙ හොද ලොකුවට
ලියලා තියනවා ඔයාගෙ නම ඒ දවස උඩ...

මම අතරමං වුණ තැන මතක් වෙන්න..

ඒත් ඒක අතරමං වීමක් නෙමෙයි
මම මාවම සොයා ගැනීමක්...
අලුත් ලෝකයක් හොයා ගැනීමක්...

මං දන්නවා කියවන්නැති බව ඔයා මේක
කොහොම කියවන්නද සිංහලත් බැරුව

ඒත් මගේ බස සිංහල
මොනවා කරන්නද මම ඒකට

දේශසීමා පරතරය තිබ්බත් අපේ අතරෙම
කොහොම බිදින්නද මම
මටම සීමා වුණු අපේ සබැදුම...

කියන්න දේවල් නම් ගොඩයි
මේවෑ ලියන්න පුලුවං ටිකයි

ඒ මට ලියන්න බැරි නිසා නෙමෙයි
ඒවා එලියට දෙන්න මම කැමති නැති නිසා
ඒවා හොදටෝම ලස්සන
මගෙ හිත ඇතුලෙම තියෙද්දි...

මේ උපන්දින සුබපැතුම ඔයාට...
මම දන්නවා දකින්නෑ කියලා ඔයා මේක...
ඒත් ඒකට මොකද..?

[අබ්දුල් උමර් සහන් නෙත්මිණ]

Tuesday, 5 May 2020

ඇප් එකට...

☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️
ඇප් එක බාගැනීම සදහා ජායාරූප මත ක්ලික් කරන්න.. 



 අපේ ඇප් එක දාගත්තෙ නැති අය දැම්ම ම දාගමු...

මෙන්න ලිංක් එක...🤩🤩🤩👇👇👇

http://app.appsgeyser.com/10785686/MITHYADRUSHTIKAYA


Friday, 1 May 2020

ඔහු සතුට බව මගේ...



මේ අපේ අක්කගෙ කවියක්..අනිවාරෙං හැමෝම කියවලා බලන්න.ඇත්තටම මාර හැගීම් ඇති කරන සුළු එකක්...ඊට පල්ලෙං ලියලා තියන පිස්සු විකාරෙ නං මගෙ එකක්...ඒක කියෙව්වෙ නැතත් කමක් නෑ.ඒත් කවිය කියවන්න.ඊට පස්සෙ කමෙන්ට් එකක් දාගෙනම යන්න.






මේ මොහොතෙ මම ඉන්න තැනත් ඔයා ඉන්න තැනත් පැහැදිලිව පේන එකම කෙනා අහස... මේ කවිය ඒ අහසට....

අදත් ඒ අහසමයි පුරවගෙන
තරු ගොන්න
ඉදහිටක අකුණු එළි පුපුරවා
දුව පැන්න
පුදුමයක් උඹ උනත් සද නැතුව
හැටි ඉන්න
කියා දීපන් මටත් එක
රැයක් ඉවසන්න...

ඔහු උනත් තරු දිහා බලන් ඇති
මං වගේ
තරු වලින් හොයනවද දන්නෙ නෑ
ඇස් මගේ
මේ හුස්ම යවනවද දැන්
වළාකුළු දිගේ
ඒ ගමන් කියාපන් ඔහු සතුට
බව මගේ...

  1.                                               (මලී පෙරේරා...)


කාලෙකිං හොද කවියක් කියවන්න නැතුව මං හිටියෙ හෙන අප්සට් එකේ.හොද කවියක් නොකියවපු නිසා කවි ලියවුනෙත් නෑ කාලෙකිං.අන්න එහෙම වෙලාවකදි තමයි අක්කගෙ මේ කවිය හම්බවෙන්නෙ...

කතා දෙකක් නෑ...මේ මාස දෙක තුනටම මම කියවපු හොදම කවිය මේක කියලා මම වගකීමෙං කියනවා.ඒ මේතරං බලපෑමක් වෙන කිසිම කවියකිං මේ කාලෙ ඇතුලතදි මට නොකල නිසා...මේක මට කරපු බලපෑම.....!මේ කවිය මාව පිස්සු වැට්ටුවා.කවිය පළවෙනි පාරට කියවද්දි දැනුන හැගීම....ඒක කියන්න වචනවලට ශක්තියක් නෑ තාම.ඒත් එක්කම තුන්වෙනි පාරටත් එකදිගට ඒ කවියම කියවද්දි දැනුන හැගීම...

ඒක පිස්සුවක්...හැම පැය දෙක තුනකටම සැරයක් ඒ කවිය අහපවු කියවන්න කියලා හිත නටපු නැටිල්ල.ඒකට විරුද්ධ වෙන්න බැරුව මම දහ පාරටත් වඩා ඒ කවි දෙක දිගේ දෑස් ගෙන ගිය විදිහ...ඒක ඒතරම්ම හැගීම් දනවන කවියක්.හරිම සියුම්...ඒ වගේම හැගීම් දනවන සුළු එකක්...

තාම පෙම්වතියක් නැති වුණත් පෙම්වතියක් සිටීමේ ආශ්වාදය මට ඒ කවි පෙළිං දැනුනා.ඒ වගේම ගැහැනු හදවතක් ඇතුලට එබිලා බැලුවා වගේ හැගීමක්...එහෙම හැගීමක් ඇති කරගන්න හරිම අමාරු වැඩක්...

"පුදුමයක් උඹ උනත් සද නැතුව හැටි ඉන්න
කියා දීපන් මටත් එක රැයක් ඉවසන්න..."

හදවතට වඩාත් තදිංම දැනෙන පද තමයි මේවා...අහස කොහොමද හද නැතුව ඉන්නෙ...? මටත් කියාදෙන්න කෝ එක රැයක් ඉවසන්න...ඒ පද දෙක ආදරේ මහා ගොඩක් පුරෝගත්තු පද...

කවිය කියවන වාරයක් වාරයක් පාසා ඒ හැගීම අපිට දැනෙන්නෙ අන්න ඒ නිසා වෙන්න ඇති.

"තරු වලින් හොයනවද දන්නෙ නෑ
ඇස් මගේ"

"ඒ ගමන් කියාපන් ඔහු සතුට
බව මගේ.."


දෙවෙනි කවියෙ හොදම පද දෙක තමයි ඒ.කවියට හදවතත් එක්ක ඍජුවම සම්බන්ධ වෙන්න පුලුවං වෙන්නෙ අන්න ඒ නිසා."තරු වලිං හොයනවද දන්නෙ නෑ ඇස් මගේ..."කියන පදෙත් එක්කම මට පුලුවං වුනා ගැහැනියක් සමීපව ඇසුරු කරලා එයාගෙ සිතුම් පැතුම් තේරුං ගත්තා වගේ හැගීමක් ලබන්න..ඒක හරිම අමුතුයි..හැබැයි මිහිරියි...

"ඒ ගමං කියාපං ඔහු සතුට බව මගේ..."හදවත ඇතුලටම කඩාගෙන පනින පදයක්...කවිය ඒ පදෙත් එක්ක කූටප්‍රාප්තියට එළඹෙනවා.

කවියක් විදින්න තියෙන හොදම විදිහ තමා ඇදේ නිදියගෙන වහලෙ දිහා බලාගෙන් ඒ කවියෙ පදයක් පදයක් ගානෙ මනසිං මවාගන්න එක.ඉතිං මං එහෙම කලා.දිගින් දිගටම ඇති කියලා හිතෙනකං සිතිවිලි අතර අතරමං වුණා.
අන්තිමට ඒක නවත්තද්දි මම ආදරේ කරන්න පටං අරගෙන තිබුණා.

ඒත් ඒ කාටවත් නෙමෙයි...මම ම හිතිං මවාගත්ත චරිතෙකට.ඉතිං අපි දෙන්න ඉන්න තැන අහසටත් පැහැදිලිව පේන්නෑ.අහසට පේන්නෙත් මං ඉන්න තැන විතරයි...ඒ වගේම එයා ඉන්න තැන පේන්නෙ මට විතරයි.


    ඉතිං මොකෝ වෙන්නෙ...ඒකත් ආදරයක් නං?