මේ ලෝකෙ අපිට ගොඩක් වෙලාවට ජීවත් වෙන්න වෙන්නෙ චූටි කොටුවක් ඇතුලෙ.මේ ලෝකෙ අපෙං බලාපොරොත්තු වෙන්නෙ ඒක...ඔයාටත් ඕනෙ ඒ සීමාවෙ හිරවෙලා ඉන්නද...?එහෙම නෙමෙයි නං,එන්න... අපි ඒ සීමාව බිදගෙන පියාඹමු..
Monday, 27 April 2020
දාහයයි
අහසෙහි සූර්යයා ප්රචණ්ඩව කැකෑරේ.සූර්ය රශ්මිය කොතෙක්ද යත් සෙවණකට වී සිටින මගේ මුලු සිරුරම දහඩියෙන් තෙත්වෙයි.සූර්යයා අප හා උරණවී ඇතුවාක්සේය.ඒ උරණවීමේ තරම නිසා ගංඟා ඇළ දොළ බලා සිටින විටදීම වාෂ්ප බවට පත්වීයයි.
මා අතෙහි පත්තරයක් තිබුණද මාගේ දෑසට ඒ මත වීදි සංචාරය කිරීමට එතරම් කුතුහලයක් නොමැත්තා සේය.පොතක් පත්තරයක් කියවිය නොහැක.කියවීමට සිත එකඟ කරගත නොහැක.එතරම්ම
දාහයයි.
නිදහස් කාලච්ජේදය අවසන් කරමින් සීනුව නාදවන්නේ තවත් විඩාබර කාලච්ජේදයකට මලානිකව ආයුබෝවන් කියමින් පිලිගන්නාක් මෙනි.
ඊට සුළු මොහොතකට පසුව පාඩමක් ඇරඹෙයි.පාඩම වැදගත්ය.එහෙත් පාඩමට අවධානය දීමට නොහැකිවන තරමටම අපි විඩාපත්ව සිටිමු.දාහය දැඩිය.එය අපට පාඩමකට අවධානය යොමුකිරීමට බාධා කරයි.
අපටත් වඩා විඩාවක් දැනෙනවා ඇත්තේ ගුරුවරුන්ටය.කාලච්ඡේද ගණනක් එකදිගට ඔවුහු සිසුවන්ට පාඩම් උගන්වති.අපට නම් කාලච්ඡේද සියල්ලේම ඇත්තේ හිඳගෙන පාඩමට සවන්දීමටය.එහෙත් ගුරුභවතුන්ට එසේ නැත.ඔවුහු උගුර ලේ රහ වනතුරු කෑගසති.කකුල් කැක්කුම අල්ලනතුරු සිටගෙන සිටිති.
මට ගුරුවරුන් පිළිබඳව අනුක්පාවක් දැනේ.ඔවුන් පව්ය.ඔවුන් වෙහෙසෙන්නේ
අපේ නුවණ වර්ධනය කිරීමටය.
පාඩම දිගින් දිගටම ඉදිරියට ඇදුණත් පාඩමට සවන්දීමේ හැකියාවක් මා සතුව නොමැත.ඉදින් මම නිකමට මෙන් මේසයට යටින්, ගුරුතුමියට නොපෙනෙනසේ තබාගෙන සිටින පත්තරයේ පිටු පෙරලමි.
පදවැල් අතර මහා පොල්ගෙඩි අකුරින් යොදා ඇති මාත්රුකාවක් මා නෙත ගැටෙන්නේ මේ අතරතුරදීය.ලිපිය ඕස්ට්රේලියාවේ ලැව්ගින්න පිළිබඳවය.මගේ දෑස් ඒ අතර රැඳෙයි.මට ඕස්ට්රේලියාව පිළිබඳව කණගාටුවක් උපදී.ඊටත් වඩා සොබාදහම් මාතාව පිළිබඳ ශෝකයක් උපදී.
"ඒ...නවීත්,මේ..."
මම මගේ එහාපසින් සිටින සිසුවාට ඇඟිල්ලෙන් ඇන ලිපිය පෙන්වමි.ඔහුත් පාඩමට අවධානය දීමට කිසිසේත්ම හැකියාවක් නොමැතිව සිටින නිසා එසේ කළාට කමක් නැත.
ඔහුද මාත් සමගින් පත්තරයට එබෙන්නේ වැඩි හැඟීමකින් නොවේ.හැඟීම් නොමැත.ඒවා දාහය විසින් උරාගෙනය.
සුළු මොහොතකින් අපටද නොදැනී පත්තරයට තුන්වෙනියෙක් එබෙයි.ඒ අප දෙදෙනා බියෙන් මුසපත් කරමිනි.ඒ අන් කවරෙකුත් නොව අපේ සිංහල ගුරුතුමියයි.දැන් නම් බේරුමක් නොමැතිබව මා මෙන්ම මිතුරාද හොදටෝම දනී.
"වනාන්තර එහෙං ගිනිගන්නවා.තව පැත්තකිං අයිස් කඳු දියවෙනවා.මෙහෙං අපි අව්වෙ කරවෙනවා.මොනවා කරන්නද පුතේ..... ඕවා මිනිස්සුන්ගෙම වැරදි"
සිංහල ගුරුතුමිය පවසන්නේ අප මවිතයට පත්කරමිනි.දඬුවම් නැත.දෝෂාරෝපණයකුදු නැත.ගුරුතුමිය නැවතත් පාඩම අරඹයි.පවසන පවසන වචනයක් පාසා ඇගේ ගෙලෙහි නහර ඉලිප්පෙයි.මුහුණෙන් දහඩිය ගලයි.මට මා ගැනම දැඩි ලැජ්ජාවක් උපදී.ගුරුතුමිය මෙතරම් වෙහෙසවී උගන්වන පාඩමට අවධානය නොදීම පිළිබඳව මට පොළොව පලාගෙන යන තරමේ ලැජ්ජාවක් දැනේ.මගේ මුහුණ රත්පැහැ වෙයි.
මම පාඩමට අවධානය දෙමි.එහෙත් අහසෙහි සූර්යයා තවමත් ප්රචණ්ඩව ලෙස කැකෑරේ.
අබ්දුල් උමර් සහන් නෙත්මිණ
11 ශේණිය F
සහිරා විද්යාලය
දිනපොතක පිටු.
උකුස්සා
(රැස පත්තරේ පලවුණු අවසාන ලිපිය.වැලි මිදුලට ලියපු "දිනපොතක පිටු..."ලිපි පෙලින් එකක්...)
මේ සවස් යාමයයි.ඉස්කෝලෙ ඇරිලාය.ඇරිලා කිව්වට ඇරිලා බොහෝ වෙලාය.මග තොටේදී ගෙදර යාමට ප්රමාද වූ දරු දැරියන් එකෙකු දෙන්නෙකු සැරින් සැරේට ඇස ගැටේ.පාසල ඇරී, යාමට තවත් ගමනක් තිබුණු හෙයින් මම අද ගෙදර එනවිට සවස් වෙලාය.
සවස් වරුව සුන්දරය.නගරය නිස්කලංක වීමට ඉඩක් ඇත්තේම නැතත් සවස් වරුවට එය අමුතුම සිරියක් උසුලයි.එය සවස් යාමය විසින් ගීතයක් ගයනවාක් වැනි දෙයකි.එය සුමදුරය.එබැවින් දහසක් දේවලිං චංචල වුවද එහි නිසංසලතාව නොසිඳේ.
විඩාව මාව ආක්රමණය කරනවා මට දැනේ.පාසල් පොත් බෑගයේ බර මාව සමතලාකර දමන්නට වෙර දරයි.එහෙත් මට වෙහෙසක් නොදැනේ.මගේ හිත පිරිලාය.සවස් වරුව මගේ සිත පුරෝදාලාය.හිරු බැසගෙන යයි.ආකාසය පුරා විසිරුණු වළා කැටිත්තක් විටෙක හිරුව ගල ගනී.එවිට මම එම වළා කැටිත්ත දෙස වුවමනාවෙන් බලමි.හිරු ගිලගත් වළාව වටා රශ්මි කදම්භයක් විහිදෙනු බලා සිටින මගේ සිතට ප්රීතියක් ඇති වෙයි.
අහසේ පියාසර කරන උකුස්සෙකු මා නෙත ගැටුණේ මේ අතරතුරේදීය.උකුස්සා පියාඹන අයුරු ආපූරුය.ඌ වෙනත් පක්ෂීන් මෙන් එක දිගට තටු ගසන්නේ නැත කලාතුරකින් නොගසන්නේද නැත.උගේ අපූරු ගාම්භීරත්වයක් ඇතැයි මට සිතේ.
උකුස්සාත් සමග මගේ සිත අතීතයට ඇදෙයි.එහි මූලාරම්භය කිමදැයි නොදන්නාමුත් ගමේ සිටින කල අප අතර අපූරු සෙල්ලමක් පැවතුණි.එනම් උකුස්සෙකු දකින දකින සෑම විටකම තරගයට දුව ගොස් උගේ සෙවණැල්ල පාගාගෙන අත්පුඩි තුනක් ගැසීමයි.එසේ කළහොත් උකුස්සා අප බසට අවනත වනු ඇතැයි විශ්වාසයක් එකල අප'තර විය.ඉදින් අපි තරගයට දුවමු.එකිනෙකා තල්ලුකර ගනිමු.එහෙත් සෙවණැල්ල පාගා අත්පුඩි තුනකා ගැසීමට කිසිවෙකුටත් හැකි නොවෙයි.මෙම කෙලිය නිසාම අතපය සමතලා කරගත් අවස්ථාද නැතුවා නොවේ.
එහෙත් එය සුන්දර යැයි මට සිතේ.ඒ මගේ ළමා කාලයයි.තවත් බොහෝ කල් එම කාලය මා වටා නොපවතිනු ඇත.මේ ගම නොවේ.නගරයයි.එහෙත් තවමත් මේ මාය.
උකුස්සා මා ඉදිරියෙන් පියාඹයි.මෙතරම් කලක් යටගිය හැඟුම් යළි මෝදුවී එද්දී මම උකුසු හෙවණැල්ල පිටුපස දුවමි.පොත් බෑගය උඩ පනිමින් මගේ පිට උඩ දඟලයි.එහෙත් මම නොනවතිමි.උකුසු හෙවණැල්ල සොයාගත යුතුය.එය පාගාගෙන අත්පුඩි තුනක් ගැසිය යුතුය.උකුස්සා හීලෑ කරගත යුතුය.මෙතෙක් අප කිසිවෙකුටත් නොහැකිවූයේද එයයි.
අබ්දුල් උමර් සහන් නෙත්මිණ
11 ශේණිය F
සහිරා විද්යාලය,කොළඹ.
දුක ඉතිං කවියන්ට උරුමෙන් එන්නැතී...
මේ අපි ගැනම කියන දෙයක්.දුක හැමෝටම වඩා අදුනන්නෙ කවියා.කවියා දන්න දුක වෙන කවුරුවත් දන්නෑ .කවියනේ.....මේ අපි ගැන....
මගේ නම දැං උඹට කොහොමත් මතක නැතිවී ගොස් ඇතී
එදා තුරුලේ විඳපු උණුසුම අතීතය ගිලගන්නැතී
මගෙං නුඹ දුර ඇදී යන කොට හිතේ දුක උතුරන්නැතී
ඒ දුකට මේ ඇස්කෙවෙනිවල කඳුලු හිඳිලා යන්නැතී
ඔහුගෙ පහසින් ඉන් පසුව නුඹ මහා රැජිනක් වෙන්නැතී
හිතේ ශෝකය ගිගුම් දෙනකොට කවිය මට ළං වෙන්නැතී
පළමු කාලට අත ගසන විට යාළුවෝ තැති ගන්නැතී
"යකෝ උඹමද?" උන් අසපු හඬ සදාකල් රැව් දෙන්නැතී
ජීවිතේටම නොලිවු කවිපද ඒ දුකින් ලියවෙන්නැතී
හීනෙකින්වත් නොහිතු විලසින් කවිය මට කැපවෙන්නැතී
කවිය අද්දර, දැවෙන දුක් කඳ දියවි දයවී යන්නැතී
කවිය අද්දර සෑමදා මම මැරි මැරී උපදින්නැතී
නුඹ මගෙන් දුර ඇදුණු දවසෙම මා ඉතින් මිය යන්නැතී
කුමක් කරනෙද දුක ඉතිං කවියන්ට උරුමෙන් එන්නැතී
අබ්දුල් උමර් සහන් නෙත්මිණ
පාස්කු සැමරුම
(තටු සිදුණු කුරුල්ලගෙ මතකයක්....)
පාස්කු සැමරුම පැමිනේවි ද නිතර
එසේ සිතා ගිය ඔබෙ හදවත නතර
වුණේ මන්ද දෙවියන් අබියස වැතිර
මාහැර යන්න හැකිවුණේ කෙලෙසක මිතුර
ජේසුතුමා කුරුසයේ ඇණ ගසන විට
දෙවියන් අය දුවා ජනතාවගේ පවට
ජේසුතුමා නැවතත් පණ ලබන විට
පාස්කු යන නම වැටුනා එදවසට
ජේසු තුමාගේ උත්ථානය පිණිස
කිතුනු බැතිමතුන් සමරති එම දවස
සතුටින් පිරුණු තැනක්ම වු ඔබෙ නිවස
දුක නලියන සොහොනක් වූයේ කෙලෙස
මෙහෙට යන්න මිනිසුන් සිත පිරුන
යන විට ඔබේ මදහස මුවගට නැගුණ
ඒ මදහස දැකුමට නොහැකිව ඉතින
මින් මතු ජීවිතයේ කුමටැයි මට සිතෙන
[ අබ්දුල් උමර් සහන් නෙත්මිණ]
මතක ද එදා...
අපහට අපම පමණයි වෙන කිසිත්
නැතී
එලෙසට කියා දවසක් මගෙ සෙනෙහෙ මතී
පාමින් බොළඳ කෙලි ලොල් වුව අදර
ගතී
හැමදා පුදමි නුඹෙ සෙනෙහෙට දහක්
තුතී
ගුලිවී එදා පොල් පටවපු බස්
කොනට
වෙලෙමින් පෙමින් එක්වී පණ මෙන් පණට
අපහසුතාව ඇතිකර අනෙකුත්
දනට
මතකද එදා---වසරක් වෙයි හෙට
දිනට
නුඹෙ හිස තබා උරහිස මත හිටපු
ඔයා
අද මා අතැර කොහෙදෝ යන අතක
ගියා
හැමදා ඇදෙමි දසතම නුඹෙ අතම
සොයා
එනමුදු නොමැත නුඹ,තනිකම දසත
අයා
ඔය රතැඟිලි තබා මගෙ මේ ඇඟිලි
මත
මතකද එදා නුඹ මට පල කරපු
හිත
බසයේ කොනක ගුලිවී දී අතට
අත
අද නුඹ කොහෙද මට පවසනු සෙනෙහෙ වත
බසයේ සෙනඟ පොදි හිටියද ඔවුන්
නැත
ඒ ලොව අපගෙ පමණක් විය සෙනෙහ
වත
හදතුළ නැගුණ ඒ උණුසුම් හැඟුම
මත
නුඹ සිපගතිමි තවමත් ඔබටමය
හිත
"මටත් ඕනෙ"යැයි නුඹ කොඳුරා
කීවා
"මොනවද ඕනෙ?"යැයි මම පුදුමෙන්
ඇසුවා
බසයේ ඉදිරි පස පෙන්නා ඇස්
ගැසුවා
බිළිදෙක් හිනැහි හිනැහී විය,මම
දුටුවා
බිළිදෙක් තියා බිරිඳද අද නොමැත
මට
නුඹ ගිය නිසා වගුරමි උණු කඳුළු
කැට
හදතුල දැවෙන මේ උණුසුම් සෙනෙහෙ
පිට
මම මිය ඇදෙමි නුඹ සඟවා පපුව
යට
අබ්දුල් උමර් සහන් නෙත්මිණ
හාදුව...!
මට ඒ වෙලාවෙ ඒක හොදටම දැනුනා.කලිං කොහොම හිතාගෙන හිටියත් ඒ දේ එච්චරටම සරල නෑ කියලා මට තේරෙන්න ගත්තෙ අපි දෙන්නා එකිනෙකාගෙ හුස්ම මුහුණුවල වදින තරමට ළං වුණාටත් පස්සෙ.
එයාගෙ හුස්ම ඇවිත් කෙලිංම වැදුනෙ මගෙ නහය හරියට.ඒ හුස්මෙ අමුතුම සුවදක් තිබ්බා.ඒක නිකං හරියට......රෝස මල් සුවදක් වගේ.එයාගෙ රෝස පාට තොල් දෙක මං දිහා බලාගෙන හිටියෙ සූදානමින්.මෙච්චර වෙලා බලාගෙන හිටපු අවස්ථාව ඇවිත්.ගොඩාක් කල් ඉදං පෙරුම් පුරාගෙන හිටපු අවස්ථාව.
මම එයාගෙ වටේ අතක් දාලා මගෙ මූණ තවත් එයාගෙ මූණට ළං කළා.දැං නං එයාගෙ හුස්ම කෙලිංම යන්නෙ මගෙ නහය අස්සට.මගෙ හදවත ඇතුලතිං ගැහෙන සද්දෙ මට ඇහුනා.මගෙ හිතේ ඒක එයාටත් ඇහුනද කොහෙද?එයා මං දිහා බලලා ලාවට හිනා වුණේ ඒ නිසා වෙන්න ඇති.
මගෙ මතකෙ හරි නං අපි හිටියෙ මුහුදු වෙරළක.ඉර බැහැගෙන යමිනුයි තිබුණෙ.කිස් එකකටම සුදුසු වටපිටාවක්...
දැං තමයි වෙලාව.එයාගෙ තොලයි මගෙ තොලයි අතරෙ තිබුණෙ සෙන්ටිමීටරයක වගේ දුරක්.ජීවිතේ පළවෙනි වතාවටයි මම කෙල්ලෙක්ට එච්චර සමීප වුණේ.ඒකම මට සතුටු වෙන්න පුලුවං කාරණාවක්.
එයාගෙ ලිප්ස්ටික් එකේ සුවද මේ වෙද්දි මට දැනෙමිනුයි තිබුණෙ.ඒක එච්චරටම සැර නැතිවුණත් මිහිරි සුවදක්.එයාගෙ හුස්ම ,ලිප්ස්ටික් සුවද මේ හැමදේම මාව කලබලයට පත් කරා.
එයා මං දිහා බලාගෙන හිටියා.ඒ ඇස් මට මොකක් දෝ කියනවා වගෙයි පෙණුනෙ.සමහරවිට ඒවා කියන්න ඇත්තෙ "තවත් මොනවද යකෝ බලං ඉන්නෙ?" කියලා වෙන්න ඇති.එහෙමත් නැත්තං "ඔයා කොයි වෙලේද පටං ගන්නෙ?"කියලා වෙන්න ඇති.
තවත් ලතවෙන්න පුලුවංකමක් තිබ්බෙ නෑ.මම අපි දෙන්නගෙ තොල් අතර තිබබ සෙන්ටිමීටරයක දුර ටිකින් ටික අඩු කරන්න ගත්තා.
තොල් දෙක එකට ගෑවෙන්න මිලිමීටරයක් තියෙද්දි මට පසුබෑමක් දැණුනා.මට ඒක කරන්න පුලුවංකමක් තිබ්බෙ නෑ.මොක්කදෝ හේතුවකට මම පසුබානවා වගෙයි දැනුනෙ.
මම එයා දිහා බැලුවෙ එයාටත් එහෙම දැනෙනවද කියලා බලන්න.ඒත් එයා ඒ වෙද්දි ඇස් දෙක අඩවන් කරගෙනත් ඉවරයි.ඉතිං මට වැඩේ නවත්තන්න පුලුවං කමක් තිබ්බෙ නෑ.
වෙන දෙයක් වෙච්චාවෙ කියලා මම මගෙ තොල් එයාගෙ තොල් හමුවට අරගෙන ආවා.
අමුතුම ජාතියෙ මිහිරක් මගෙ දිව'ගට දැණුනා.අභ්‍යන්තරයෙං ඇති වෙච්ච උණුසුම් හැගීමක් හදවතෙං පටංගෙන මුලු ඇග පුරාම පැතිරෙන්න ගත්තා.ඒ හැගීම කොච්චර බලවත්ද කියනවා නං මගෙ මුලු ඇගේ ම හිරිගඩු පිපුණා.වචනයෙං කියන්න බැරි හැගීමක් එක්ක මම සතුට කියන දේ ලබන්න පුලුවං උපරිම තරමට ලැබුවා.
මට දැනුනෙ මම වෙනම ලෝකයක ඉන්නවා වගේ.අපේම ලෝකයක්.මට ඒ ලෝකෙං කොහෙවත් යන්න ඕනෙ වුණේ නෑ.මට ඕනෙ වුනේ එහෙම ඒ විදිහටම ඉන්න.කොච්චර වෙලා වුණත් මට එහෙම ඉන්න පුලුවං කියලා මට ඒ වෙද්දි දැනෙමිනුයි තිබුනෙ.
ඒ කොහොම වුණත් තවත් ටික වෙලාවකින් හුස්ම හිරවෙන ගතිය පටංගත්තා.ඒත් මම අහකට ගියෙ නෑ.එයාටත් පැත්තකට යන්න ඕනෙ වුණේ නෑ.අපි අල්ලගෙනම හිටියා.දියටම ඒ මිහිරි හැගීම මගෙ මුලු ඇගම කිති කැවුවා.
අන්තිමේදි මට තවත් දරාගෙන ඉන්න බැරි තැන මතු වුණා.දැන්නං ඉවසගෙන ඉන්නම බෑ.මම හුස්ම ටිකක් ගන්න වේගයෙං ඈත් වුණා.
මම වේගයෙං හුස්ම ගත්තා.හරියට මැරතන් එකක් දිව්ව මිනිහෙක් වගේ.හුස්ම අරං ඉවර වෙලා මම අහපවු ආරම්භයක් ගන්න හිතාගෙන එයාව හෙව්වා.ඒත් එයා පේන්න හිටියෙ නෑ.ඒ වගේම අර සුන්ද මුහුදු වෙරළත් කොහෙ ගියාද නෑ.මගෙ වටේ තිබ්බෙ කරුවලම විතරයි.
ඒ වගේම මං හිටියෙ තාමත් මගෙ ඇදේ.ඕ....හෝ...මට වැඩේ තේරුණා.ඒක හීනයක්.කාලෙං කාලෙට පේන හීන වලිං එකක්.ඒත් මේක මට හොදටම දැනුන එකක්.මගෙ අත්වල ඇත්තටම හිරිගඩු පිපිලා තිබුණා.ඒත් එක්කම හිමීට අඩු වීගෙන යන අර මිහිරි හැගීමෙ බලපෑම මට මගෙ ඇතුලතිං දැනුනා.ඒත් එක්කම ඒ තොල්වල ස්පර්ශය මට තාමත් මගෙ තොල්වලිං දැනුනා.ඒ වගේම එයාගෙ හුස්ම ඒ වෙනකොටත් මට දැනෙමිනුයි තිබුණෙ.
අබ්දුල් උමර් සහන් නෙත්මිණ
Sunday, 26 April 2020
උල්කාපාත
කොරෝනා නිසා ගේ ඇතුලෙම හිරවෙලා ඉදලා මට හොදටෝම එපාවෙලයි තිබුණෙ.තවත් එක මොහොතක්වත් ගේ ඇතුලට වෙලා ඉන්න මගෙ හිතේ කිසිම කැමැත්තක් ඉතුරුවෙලා තිබුණෙ නෑ.තිබ්බ ඉවසීම අන්තිම බිංදුවට ම බැහැලා හිදිලා ගිහිං.
මිදුලක් හරි තිබ්බා නං තව කමක් නෑ.එතකොට එලියට පහලියට බැහැලා ටිකක් ඇවිදින්න වත් තිබුණා.ඒත් වර්තමානයේ මම ගතකරමින් ඉන්න වතු ජීවිතෙත් එක්ක මිදුලක් කොහෙන්ද? එලිය බැස්සගමං ම පාර.පාරට එහා පැත්තෙ තියෙන්නෙ තව ගෙවල් පේලියක්.
අපේ ගදර දිහා බැලුවහම ඒත් එක්කම දෙපැත්තෙ තියෙන්නෙ ගෙවල් දෙකක්.ඒ ගෙවල් දිහා බැලුවහම ඒත් එහෙමම තමයි.වතු ජීවිතේ කියලා කියන්නෙ මෙන්න මේකට.සාමාන්‍යයෙන් ගමක නිදහසේ කෙළි දෙලෙං හැදුණු කෙනෙක්ට නං මේ ජීවිතේට හුරුවෙන්න අමාරුයි.ඒත් මොනවා කරන්න ද...?මට ඒකට හුරු වෙන්න සිද්ධ වුණා.
අපේ ගෙදර දොරයි ගේට්ටුවයි ඇරලා තියෙන වෙලාවක ඉස්සරහ ගෙදර දොරයි ගේට්ටුවයි ඇරලා තිබුණොතිං අපේ ගෙදර ඉදං ඒගොල්ලංගෙ කුස්සිය වෙනකංම බලා ගන්න පුලුවං.ඒක නං ටිකක් ජොලී වගේ...
කොහොම වුණත්, කිව්වත් වගේ මගෙ ඉවසීමෙ සීමාව පයින්න ඔන්නම එන්න තත්වයකුයි තිබුණෙ.අනික අපේ මල්ලි උදේ ඉදංම එලියෙ පැනලා සෙල්ලං කරන නිසා මම ගියාම මොකෝ..?
ඔන්න ඔහොම තත්වෙකදි තමයි එකපාට්ට පෝන් එක කෑගහන්න ගත්තෙ.
"හෙලෝ සහන්...ආරංචියක් එහෙම ආවද මොකක් හරි විශේෂ දෙයක් ගැන"
මට ඇහෙන්නෙ හුරු පුරුදු කටහඩක්...
"ම්හු....මොනවගේ දෙයක් ගැනද?"
"තරු වැස්සක් ගැන එහෙම..."
"තරු වැස්සක්...ඔයා විහිලු කරනවද..?"
"නෑ..මේ ඇත්තමයි. අද රෑ 12 ඉදං 2 වෙනකං අහසෙ උල්කාපාත වර්ෂාවක් ඇතිවෙනවලු.අනික ඒක ලංකාවට හොදටම පේනවත් එක්කලු.මම නං බලනවා.ඔයත් බලන්න.."
යාලුවා දුරකතන ඇමතුමට සමුදුන්නා.
කාලයක් තිස්සෙ හැංගිලා තිබ්බ දෙයක් ආපහු එලියට ආවා වගේ හැගීමක් මට දැනෙන්න ගත්තා.අහස ගැන හොයන්න...අධ්‍යනය කරන්න මට තියෙන්නෙ පුදුම ආශාවක්.ඒක පොඩිකාලෙ ඉදංම තිබුන දෙයක්...
මට හිතෙන විදිහට අහස කියන්නෙ හරි සුන්දර දෙයක්.අහස අපි නොදන්නවා උනාට මොකක්දෝ ලොකු රහසක් රැකගෙන ඉන්න කෙනෙක් කියලා මට වෙලාවකට හිතෙනවා.අහස දිහා බලන හැම වෙලාවකම මට අහසිං පේන්නෙ උපේක්ෂා සහගත බවක්.ඉතිං මංවත් නොදන්න හේතුවක් නිසා අහස මට ගොඩක් සමීපයි.අහසෙ ඉර බැහැගෙන යන වෙලාවක අහස දිහා බලාගෙන ඉද්දි හැම දේම අමතක වෙනවා.එක එක ජාතියෙ මිහිරි හැගීම් ඇතිවෙනවා.ඉර බැහැගෙන යන දිහා ගෑණු ළමයෙකුත් එක්ක මුහුදු වෙරළක ඉදං බලාගෙන ඉදිද්දි කොහොම නං හැගීමක් දැනෙනවා ඇත්ද?එහෙමත් නැත්තං තරු පිරුණු අහසක් දිහා බලාගෙන ගෑනු ළමයෙකුත් එක්ක විකාර දොඩෝ දොඩෝ ඉද්දි ඇතිවෙන හැගීම.ඒ ගෑනු ළමයා අපේම පෙම්වතිය වෙනව නං අපිට පුළුවං වේවි හැගීම් බර වෙන හැම වෙලාවෙම හාදුවක රස බලන්නත්... මං දුර ගියා වැඩියි වගේද කොහෙද.රාත්‍රී අහසත් අන්න ඒ වගේමයි.හරිම සුන්දරයි.ඉතිං අද මං යනවා ඒ අහස අධ්‍යනය කරන්න.ඒක කොයිතරං සුන්දර ද?
හරියටම රෑ 12 ට මම එලියට බැස්සා.ඒ වෙද්දි වත්තෙ ගොඩක් අය එකතුවෙලා කාඩ් ගහනවා.මේ මිනිස්සු නිදාගන්නෙ පාන්දරට.ඒකිව්වෙ මමත් ඒකට අයිති වෙනවා.
මෙච්චර කාලයක් ගෙට වෙලා ඉදපු මම එලියට ආපු එක ගැන වත්තෙ මල්ලිලාට ඇතිවෙලා තිබ්බෙ පුදුමයක්.ඉතිං මං කතාව කිව්වා...ඒක අහපුවහම ඒගොල්ලො මටත් වඩා කලබල වෙලා.කතාව කටිං කට ගිහිං ඉස්සරහ ගෙදර නැන්දටත් ආරංචි වෙලා.නැන්දටත් දැං මේ ගැන මාර කුතුහලයක් ඇතිවෙලා.
"පුතාලා කැමති නං අපේ ගෙදර බැල්කෙනියට ගිහිං බලන්න.එතෙන්ට අහස හොදට පේනවා."
ඒක ඒ වෙලාවෙ හැටියට ලැබුණු මාරම අවස්ථාවක්.
"අනේ බොහොම පිං නැන්දෙ" කියපු අපි කට්ටිය නැන්දටත් කලිං නැන්දලෑ බැල්කෙනියට නැගල ඉවරයි.
කොච්චර කොහොම කිව්වත් උල්කාපාත දකින්න ලැබේවි කියලා මට වැඩි විශ්වාසයක් නං තිබුණෙ නෑ.එහෙම උනොත් මම මේ කට්ටියව රැවැට්ටුවා වෙනවා.ඒ නිසා මට ඇතිවුනේ දුකක්..අපි පැය බාගයක් බලාගෙන හිටියත් කිසිම අමුතු දෙයක් නං පෙනුනෙ නෑ.
"මට හිතෙන්නෙ මේක බොරුවක් වගේ..."මම කියලා කට ගන්නත් කලිං එක තප්පරේකට අහෙසෙ මොකක්දෝ දීප්තියක් ඇතිවෙලා නැතිවෙනවා මම දැක්කා.
"මම හිතන්නෙ මම එකක් දැක්කා"මම කිව්වත් මට වැඩි විශ්වාසයක් නං තිබුණෙ නෑ.
"මමත් එකක් දැක්කා"ඉස්සරහ ගෙදර නැන්දත් කිව්වා.
දැං අපි අතර කුතුහලය එන්න එන්නම වැඩි වෙලා.
"අන්න ප්ලේන් එකක්" ඉස්සරහ ගෙදර නංගි අත දික්කරලා පෙන්නුවහම අපි හැමෝගෙම ඇස් ඒ දිහාට යොමු වුණා.
"ඒක....ප්ලේන් එකක් නෙමෙයි..."තාරකා විද්‍යාව ගැන තිබ්බ දැනුම පාවිච්චි කරලා මම කිව්වා.
"මගෙ හිතේ ඒක උල්කාපාතයක්.."අපි හැමෝම දැං බලාගෙන ඉන්නෙ තැඹිලි පාට බෝලයක් දිහා.ටිකක් වෙලා යද්දි ඒක නිමුනෙ අපි හැමෝවම පුදුමයකට ඇද දමමින්.
"ඒක උල්කාපාතයක්....හුරේ ඒක උල්කාපාතයක්...."
අවුරුදු 16 ක ජීවිත කාලෙදි පලවෙනි වතාවට මම උල්කාපාත වැටෙනවා ඇස් දෙකෙං දැක්කා.
අබ්දුල් උමර් සහන් සහන් නෙත්මිණ.
Monday, 20 April 2020
දැවෙමින් නිවෙමි.
මම දැවෙමින් සිටිමි.දැවීම මට දැන් හොඳටෝම පුරුදුය.අපි සැවොම දැවෙමින් සිටිමු.දැවීම අපගේ ජීවිතයේ අංගයක් බවට පත්වී ඇත.එය ස්වභාවයයි.
කෙතරම් දැවෙමින් සිටියත් තවත් මොහොතකින් සිහිල් ප්රවාහයකට හසුව මම නැවතත් නිවෙනු ඇත.නිවෙමි.එයද ජීවිතයේ අනිවාර්ය අංගයකි.
ඇතැම්විට මම දැවෙමින් නිවෙමි.දැවෙන අතරතුරදීම නිවෙමි.එය අපහසු පීඩාකාරීත්වයක් ඇති කරයි.එහෙත් එයට පෙම් බඳිමි.අප සැමටම පොදු දෙයක්වූ එම හැඟීම මිහිරියැයි මට සිතේ.
දෑස් හරිමි.තවමත් අවට පරිසරය වෙලාගෙන තිමිර පටලය රජයයි.ඉදින් නිවෙමි.නිවුමේ සුවය අත් විඳිමි.
එහෙත් නිවෙමින් සිටීමට තවත් වැඩි වේලාවක් නොමැත.කඳුවැටිය අද්දරින් පළමු අරුණැල්ල ඇද වැටුණු වහාම දැවීම ඇරඹිය යුතුය.ඉන් පසුව දැවීමේ සුවය විඳිමි.දැවීමද සුවයකි.
කැකෑරෙන දහවල මැද හැල හැප්පීම් අතර එහෙ මෙහෙ දුවමි.ඒ අතර ඇත්තේ දැවීමක්ද නිවීමක්දැයි බැලීමට වෙලාවක් නැත.කාර්යයන් මා වටා ගොඩ ගැසී ඇත.ඒ අතරතුර මට මා මගහැරේ.අපිට අප මගහැරේ.සැමදා දැවෙමි.සැමදා නිවෙමි. ජීවිතය ඉදිරියට ගලාගෙන යයි.
ඒ ඔස්සේ පිය නගමි.ජීවිතය සොයමි.ලෝකය සොයමි.ඒ අතරතුර සැබවින්ම මම මා සොයමි.අපි අපව සොයමු.
කලකට පසුව කවිය ඇසුරු කිරීමේදී පැදි පෙළක් අතර මට මා මුණ ගැසුණේ මම කිසි සේත්ම බලාපොරොත්තු නොවූ විලසිනි.
ගිනි ගනියි ගිනි ගනියි ගිනි ගනියි ගිනි ගනියි
වැසි වසී වැසි වසී වැසි වසී වැසි වසී
ගිනි දලුද වැසි වසී වැසි දලුද වැසි වසී
වැසි වසී වැසි වසී වැසි වසී වැසි වසී
ආත්මය වසාගත් ඉඳු දුන්න ගිනි ගනී
තෙතබරයි නමුදු එය මොහොතකින් ගිනි ගනී එගින්නෙහි සීතලෙන් වැසි දලුද හටගනී
වැස්ස යනු වැස්ස නොව ගිනි ගන්න ගින්නමය වැහි දල්ල මැදින් ඔබෙ සිනා ගිනි දලු පිපෙයි සිනාසෙනු නොහැක මට ඔබ මහද ගිනි ගනියි වැහි වතුර සීතලයි සීතලයි ඔබ කියයි
සීතලෙන් පණ ගැහෙන ඔබේ හද ගිනි ගනියි එන්න මේ වැහි වතුර නාගන්න නාගන්න
එන්න මේ ගිනි දල්ලෙ පිච්චෙන්න පිච්චෙන්න
දිවි කුසුම පිපෙන්නේ එගිනි සීතල මැදිනි
දිවි අරුත වැහි දල්ල ගිනි දල්ල ඔබ අහස
(රිදී දිය රැළි බිඳී- තිඹිරියාගම බණ්ඩාර)
කාලයකට පසුව මෙම පදවැල් අතරින් මට මා මුණ ගැසුණි.මම පුදුමයෙන් මා දෙස බලා සිටින්නට වුයෙමි.
එහෙත්...ඊළඟ නිමේෂයේදී ඒ අතර මා නැත.ඉදින් මම නැවතත් මා සොයා යාම අරඹමි.අපි අප සොයා යාම අරඹමු.
අබ්දුල් උමර් සහන් නෙත්මිණ
මම දැවෙමින් සිටිමි.දැවීම මට දැන් හොඳටෝම පුරුදුය.අපි සැවොම දැවෙමින් සිටිමු.දැවීම අපගේ ජීවිතයේ අංගයක් බවට පත්වී ඇත.එය ස්වභාවයයි.
කෙතරම් දැවෙමින් සිටියත් තවත් මොහොතකින් සිහිල් ප්රවාහයකට හසුව මම නැවතත් නිවෙනු ඇත.නිවෙමි.එයද ජීවිතයේ අනිවාර්ය අංගයකි.
ඇතැම්විට මම දැවෙමින් නිවෙමි.දැවෙන අතරතුරදීම නිවෙමි.එය අපහසු පීඩාකාරීත්වයක් ඇති කරයි.එහෙත් එයට පෙම් බඳිමි.අප සැමටම පොදු දෙයක්වූ එම හැඟීම මිහිරියැයි මට සිතේ.
දෑස් හරිමි.තවමත් අවට පරිසරය වෙලාගෙන තිමිර පටලය රජයයි.ඉදින් නිවෙමි.නිවුමේ සුවය අත් විඳිමි.
එහෙත් නිවෙමින් සිටීමට තවත් වැඩි වේලාවක් නොමැත.කඳුවැටිය අද්දරින් පළමු අරුණැල්ල ඇද වැටුණු වහාම දැවීම ඇරඹිය යුතුය.ඉන් පසුව දැවීමේ සුවය විඳිමි.දැවීමද සුවයකි.
කැකෑරෙන දහවල මැද හැල හැප්පීම් අතර එහෙ මෙහෙ දුවමි.ඒ අතර ඇත්තේ දැවීමක්ද නිවීමක්දැයි බැලීමට වෙලාවක් නැත.කාර්යයන් මා වටා ගොඩ ගැසී ඇත.ඒ අතරතුර මට මා මගහැරේ.අපිට අප මගහැරේ.සැමදා දැවෙමි.සැමදා නිවෙමි. ජීවිතය ඉදිරියට ගලාගෙන යයි.
ඒ ඔස්සේ පිය නගමි.ජීවිතය සොයමි.ලෝකය සොයමි.ඒ අතරතුර සැබවින්ම මම මා සොයමි.අපි අපව සොයමු.
කලකට පසුව කවිය ඇසුරු කිරීමේදී පැදි පෙළක් අතර මට මා මුණ ගැසුණේ මම කිසි සේත්ම බලාපොරොත්තු නොවූ විලසිනි.
ගිනි ගනියි ගිනි ගනියි ගිනි ගනියි ගිනි ගනියි
වැසි වසී වැසි වසී වැසි වසී වැසි වසී
ගිනි දලුද වැසි වසී වැසි දලුද වැසි වසී
වැසි වසී වැසි වසී වැසි වසී වැසි වසී
ආත්මය වසාගත් ඉඳු දුන්න ගිනි ගනී
තෙතබරයි නමුදු එය මොහොතකින් ගිනි ගනී එගින්නෙහි සීතලෙන් වැසි දලුද හටගනී
වැස්ස යනු වැස්ස නොව ගිනි ගන්න ගින්නමය වැහි දල්ල මැදින් ඔබෙ සිනා ගිනි දලු පිපෙයි සිනාසෙනු නොහැක මට ඔබ මහද ගිනි ගනියි වැහි වතුර සීතලයි සීතලයි ඔබ කියයි
සීතලෙන් පණ ගැහෙන ඔබේ හද ගිනි ගනියි එන්න මේ වැහි වතුර නාගන්න නාගන්න
එන්න මේ ගිනි දල්ලෙ පිච්චෙන්න පිච්චෙන්න
දිවි කුසුම පිපෙන්නේ එගිනි සීතල මැදිනි
දිවි අරුත වැහි දල්ල ගිනි දල්ල ඔබ අහස
(රිදී දිය රැළි බිඳී- තිඹිරියාගම බණ්ඩාර)
කාලයකට පසුව මෙම පදවැල් අතරින් මට මා මුණ ගැසුණි.මම පුදුමයෙන් මා දෙස බලා සිටින්නට වුයෙමි.
එහෙත්...ඊළඟ නිමේෂයේදී ඒ අතර මා නැත.ඉදින් මම නැවතත් මා සොයා යාම අරඹමි.අපි අප සොයා යාම අරඹමු.
අබ්දුල් උමර් සහන් නෙත්මිණ
Tuesday, 14 April 2020
තටු සිදුණු මම...😥😥😪
තටු සිදුණු කුරුල්ලා...
උඹලට මතකයිද මේක...හරි හරී....මේක එච්චරටම සුපිරි නෑ තමයි.ඒ උනාට මගෙ පළවෙනි පොතනෙ...
මේකට ලැබිච්ච පාඨක ප්‍රතිචාර මෙන්න.ප්‍රතිචාර එවපු හැමෝටම ස්තූතියි .තාම ප්‍රතිචාරයක් එව්වෙ නැත්තං පල්ලෙහා link එකෙන් ප්‍රතිචාරයක් දාන්න හොදේ...
https://docs.google.com/forms/d/e/1FAIpQLSeKTMm7bO3xdYvvJcRwa0AgSv_RjsePWqFPB0O8hfgdrPfPBw/viewform?usp=sf_link
Monday, 13 April 2020
උඹලා දන්නවද...අපි ජීවත් වෙන්නෙ මොකටද කියලා...උඹලා දන්නවද මේ ජීවිතේ අරමුණ මොකක්ද කියලා.අපි කවුරුත් ම ඒක දන්නෙ නෑ.සමහරු අගවනවා ඒ බව දන්නවා කියලා.ඒත් නෑ.අපි කවුරුත් දන්නෑ.අපි හැමෝම නොනවතින තරගයක දුවනවා.ඒත් තරගෙ අන්තිමට මොනවද වෙන්නෙ කියලා දන්නෙ නෑ.
හිතපං මචං ටිකක්.නැවතියං අන්න එතෙන්දි.අපි මොකටද යකෝ ගාල කඩාගත්ත හරක් ටික වගේ දුවන්නෙ.උඹ දැං මට කියයි අනික් උන් දුවන හින්දා කියලා.හිතපං ටිකක්..අනික් එවුන් දිව්වැයි කියලා උඹත් දුවන්න ඕනෙද..?
දුවනවනං දුවපං.හැබැයි ඒ ඇයි දුවන්නෙ කියන එක තේරුං අරගෙන.එහෙම නැතුව අනික් එවුං පරාද කරන්න කියාගෙන හිතාගෙන දුවනවනං....අපරාදෙ මචං නොදුවා හිටපං.ඒ දිවිල්ලෙං උඹට සතුටක් ලබන්න බැරි වේවි.
ජීවිතේ තියෙන්නෙ විදින්න.තේරුං ගනිං ඒක.උඹ ඉලක්ක තොරගන්නවානං උඹේ ආසාව හින්දා තෝරගනිං.අන්න එතකොට උඹට පුලුවං වේවි හැමදේම වඩා හොදට කරන්න.
දුවනවනං විද විද විද දුවපං.කොච්චර මහන්සි දැනුනත් හිනා වෙවී දුවපං.
අන්න එහෙම කරන්න පුලුවං වුණ දවසක මචෝ උඹ දිනුං.හැම වෙලේම කරන දේ ආසාවෙං කරපං.ඒ වගේම ඒ දේ ඇයි කරන්නෙ කියලා හිතපං.
හැමෝම ඒ විඩිහට හිතපු දවසට ලෝකය මීටවඩා ලස්සන තැනක් වේවි.
ඒත් එහෙම දවසක් කවදාවත් ඒවිද?
Sunday, 12 April 2020
එදා
තටු සිදුණු කුරුල්ලා...
http://www.sundayobserver.lk/2020/01/12/abdul-umar-sahan-nethmina-launched-first-poetry-book
Abdul Umar Sahan Nethmina, a student in the Sinhala Medium Senior Section of Zahira College, Colombo launched his first poetry book Thatu Sindunu Kurulla at the College premises recently. The event was held under the patronage of Principal Trizviiy Marikar. Sahan Nethmina started to read books from Grade two when he was studying at Muhudugama Junior School, Ruwanwella. After the scholarship examination, he joined Zahira College, Colombo. He started to write this book when he was in Grade eight and it took two years to complete.
http://www.sundayobserver.lk/2020/01/12/abdul-umar-sahan-nethmina-launched-first-poetry-book
It was submitted to the subject teacher Anuranga Thalpawila and was forwarded to the Vice Principal, Sinhala Senior Section Fazlin Firdhouse. He intends to write more books such as novels and short stories in the future.
Sahan thanked Principal Trizviiy Marikar, Vice Principal, Sinhala Senior Section Fazlin Firdhouse, Sectional Head Vajira Sri Dias, subject teachers Anuranga Thalpawila, A.R.M. Rafaideen, staff and students who supported him. He also thanked his parents and friends for their advice.
Former ITN Director Hassim Omar received Sahan's first copy of the book at the launch. The book launch was organised according to Sinhala customs. Chairman of the Board of Governors, Fouzul Hameed, Secretary Alawi Mukthar, Members of the Board of Governors, Artist Kalai Chelwan, parents, teachers and students graced the occasion
Subscribe to:
Posts (Atom)
-
උඹලා දන්නවද...අපි ජීවත් වෙන්නෙ මොකටද කියලා...උඹලා දන්නවද මේ ජීවිතේ අරමුණ මොකක්ද කියලා.අපි කවුරුත් ම ඒක දන්නෙ නෑ.සමහරු අගවනවා ඒ බව...
-
කොරෝනා නිසා ගේ ඇතුලෙම හිරවෙලා ඉදලා මට හොදටෝම එපාවෙලයි තිබුණෙ.තවත් එක මොහොතක්වත් ගේ ඇතුලට වෙලා ඉන්න මගෙ හිතේ කිසිම කැමැත්තක් ඉතුරුවෙලා ති...










