මේ අපේ අක්කගෙ කවියක්..අනිවාරෙං හැමෝම කියවලා බලන්න.ඇත්තටම මාර හැගීම් ඇති කරන සුළු එකක්...ඊට පල්ලෙං ලියලා තියන පිස්සු විකාරෙ නං මගෙ එකක්...ඒක කියෙව්වෙ නැතත් කමක් නෑ.ඒත් කවිය කියවන්න.ඊට පස්සෙ කමෙන්ට් එකක් දාගෙනම යන්න.
මේ මොහොතෙ මම ඉන්න තැනත් ඔයා ඉන්න තැනත් පැහැදිලිව පේන එකම කෙනා අහස... මේ කවිය ඒ අහසට....
අදත් ඒ අහසමයි පුරවගෙන
තරු ගොන්න
ඉදහිටක අකුණු එළි පුපුරවා
දුව පැන්න
පුදුමයක් උඹ උනත් සද නැතුව
හැටි ඉන්න
කියා දීපන් මටත් එක
රැයක් ඉවසන්න...
ඔහු උනත් තරු දිහා බලන් ඇති
මං වගේ
තරු වලින් හොයනවද දන්නෙ නෑ
ඇස් මගේ
මේ හුස්ම යවනවද දැන්
වළාකුළු දිගේ
ඒ ගමන් කියාපන් ඔහු සතුට
බව මගේ...
- (මලී පෙරේරා...)
කාලෙකිං හොද කවියක් කියවන්න නැතුව මං හිටියෙ හෙන අප්සට් එකේ.හොද කවියක් නොකියවපු නිසා කවි ලියවුනෙත් නෑ කාලෙකිං.අන්න එහෙම වෙලාවකදි තමයි අක්කගෙ මේ කවිය හම්බවෙන්නෙ...
කතා දෙකක් නෑ...මේ මාස දෙක තුනටම මම කියවපු හොදම කවිය මේක කියලා මම වගකීමෙං කියනවා.ඒ මේතරං බලපෑමක් වෙන කිසිම කවියකිං මේ කාලෙ ඇතුලතදි මට නොකල නිසා...මේක මට කරපු බලපෑම.....!මේ කවිය මාව පිස්සු වැට්ටුවා.කවිය පළවෙනි පාරට කියවද්දි දැනුන හැගීම....ඒක කියන්න වචනවලට ශක්තියක් නෑ තාම.ඒත් එක්කම තුන්වෙනි පාරටත් එකදිගට ඒ කවියම කියවද්දි දැනුන හැගීම...
ඒක පිස්සුවක්...හැම පැය දෙක තුනකටම සැරයක් ඒ කවිය අහපවු කියවන්න කියලා හිත නටපු නැටිල්ල.ඒකට විරුද්ධ වෙන්න බැරුව මම දහ පාරටත් වඩා ඒ කවි දෙක දිගේ දෑස් ගෙන ගිය විදිහ...ඒක ඒතරම්ම හැගීම් දනවන කවියක්.හරිම සියුම්...ඒ වගේම හැගීම් දනවන සුළු එකක්...
තාම පෙම්වතියක් නැති වුණත් පෙම්වතියක් සිටීමේ ආශ්වාදය මට ඒ කවි පෙළිං දැනුනා.ඒ වගේම ගැහැනු හදවතක් ඇතුලට එබිලා බැලුවා වගේ හැගීමක්...එහෙම හැගීමක් ඇති කරගන්න හරිම අමාරු වැඩක්...
"පුදුමයක් උඹ උනත් සද නැතුව හැටි ඉන්න
කියා දීපන් මටත් එක රැයක් ඉවසන්න..."
හදවතට වඩාත් තදිංම දැනෙන පද තමයි මේවා...අහස කොහොමද හද නැතුව ඉන්නෙ...? මටත් කියාදෙන්න කෝ එක රැයක් ඉවසන්න...ඒ පද දෙක ආදරේ මහා ගොඩක් පුරෝගත්තු පද...
කවිය කියවන වාරයක් වාරයක් පාසා ඒ හැගීම අපිට දැනෙන්නෙ අන්න ඒ නිසා වෙන්න ඇති.
"තරු වලින් හොයනවද දන්නෙ නෑ
ඇස් මගේ"
"ඒ ගමන් කියාපන් ඔහු සතුට
බව මගේ.."
දෙවෙනි කවියෙ හොදම පද දෙක තමයි ඒ.කවියට හදවතත් එක්ක ඍජුවම සම්බන්ධ වෙන්න පුලුවං වෙන්නෙ අන්න ඒ නිසා."තරු වලිං හොයනවද දන්නෙ නෑ ඇස් මගේ..."කියන පදෙත් එක්කම මට පුලුවං වුනා ගැහැනියක් සමීපව ඇසුරු කරලා එයාගෙ සිතුම් පැතුම් තේරුං ගත්තා වගේ හැගීමක් ලබන්න..ඒක හරිම අමුතුයි..හැබැයි මිහිරියි...
"ඒ ගමං කියාපං ඔහු සතුට බව මගේ..."හදවත ඇතුලටම කඩාගෙන පනින පදයක්...කවිය ඒ පදෙත් එක්ක කූටප්රාප්තියට එළඹෙනවා.
කවියක් විදින්න තියෙන හොදම විදිහ තමා ඇදේ නිදියගෙන වහලෙ දිහා බලාගෙන් ඒ කවියෙ පදයක් පදයක් ගානෙ මනසිං මවාගන්න එක.ඉතිං මං එහෙම කලා.දිගින් දිගටම ඇති කියලා හිතෙනකං සිතිවිලි අතර අතරමං වුණා.
අන්තිමට ඒක නවත්තද්දි මම ආදරේ කරන්න පටං අරගෙන තිබුණා.
ඒත් ඒ කාටවත් නෙමෙයි...මම ම හිතිං මවාගත්ත චරිතෙකට.ඉතිං අපි දෙන්න ඉන්න තැන අහසටත් පැහැදිලිව පේන්නෑ.අහසට පේන්නෙත් මං ඉන්න තැන විතරයි...ඒ වගේම එයා ඉන්න තැන පේන්නෙ මට විතරයි.
ඉතිං මොකෝ වෙන්නෙ...ඒකත් ආදරයක් නං?

මොකෝ වෙන්නෙ...ඒකත් ආදරයක් නං...
ReplyDeleteමේ මොහොතෙ මම ඉන්න තැනත් ඔයා ඉන්න තැනත් පැහැදිලිව පේන එකම කෙනා අහස...
ReplyDeleteමරු...ඔහොම යං ඉතිං
ඒකනෙ අපේ අක්කගෙ වැඩ ඕවා...
Delete