Tuesday, 19 May 2020

බර්මියුඩා...

අභිරහස් බර්මියුඩා



මේ හැම තැනම අපිට ඕන තරං අභිරහස් තියෙනවා. ලෝකය අභිරහස් වලිං පිරිලා.කුතුහලය අපිව නිතරම අභිරහස් දිහාවට තල්ලු කරනවා.ඉතිං අපි අභිරහස් පිටුපස හඹායනවා.මිනිසා අද මේ ඉන්න තත්වය දක්වා දියුණු වෙන්න හේතුවුණු ප්රධානතම කාරණය තමයි "කුතුහලය".යමක් සොයා දැනගැනීමේ ආශාව.

කව්රුහරි කෙනෙක් අපි යමක් දැන ගැනීම වළක්වන්න හදනවනං අපි ඒ දේ කොහොම හරි දැනගන්නවමයි.අන්න ඒක තමයි කුතුහලය.කුතුහලය නිසා අපිට සමහර වෙලාවට බැණුම් අහන්න සිද්ධ වෙනවා.ඒ තියා සමහර වෙලාවට ගුටිකන්නත් වෙන අවස්ථා එමටයි.ඒත්......කුතුහලය නැත්තං අද අපි කව්රුවත් මෙතන නෑ සහෝදරයා.

කුතුහලය ඔස්සේ අපි අභිරහස් හඹා යනවා.ඒවායේ පතුලටම කිමිදෙනවා.අන්තිමේදි ඒ ඔස්සේ දැනුමක් ලබා ගන්නවා.අන්න ඒ දැනුම අපි "විද්යාව"කියලා හඳුන්වනවා.

ඒ කොහොම වුණත් මනුස්සයින්ට හිතාගන්නවත් බැරි අභිරහස් මේ ලෝකෙ කොයිතරංනං තියෙනවද?
අභිරහස් ගැන ගත්තහම ලෝකෙ එදා මෙදා තුර බිහිවෙච්ච බොහොම ආන්දෝලනාත්මක අභිරහස් තියෙනවා.කිසිම දවසක නොවිසඳුන ඒවා.ඒ ගැන කල්පනා කරලා කරලම මිනිස්සුන්ට පිස්සු හැදෙන තරං ඒවා."බර්මියුඩා ත්රිකෝණ කතාව"ත් අන්න ඒ වගේ එකක්.

බර්මියුඩා ත්රිකෝණ අභිරහස ගැන අහලා නැති කෙනෙක් හොයාගන්නවා කියන එකත් පිදුරු ගොඩේ ඉඳිකටුවක් හොයනවා වගේ වැඩක්.මොකද අභිරහස එච්චරටම ප්රසිද්ධයි.ප්රසිද්ධයි කියන එකේ අදහස වඩාත් භයානකයි කියන එකයි.

බර්මියුඩා ත්රිකෝණය,යක්ෂයාගේ ත්රිකෝණය කියලා හඳුන්වන ප්රදේශය හරියටම සීමා මායිම් නියම නොවුණු ප්රදේශයක්.
කොහොම වුණත් අත්ලාන්තික් සාගරයේ පිහිටලා තියෙන මෙම කලාපය ඇමරිකාවේ ෆ්ලොරීඩා වෙරළ තීරයෙනුයි පියුටෝ රිකෝ හා බර්මියුඩා දිවයිනෙන් මායිම්වන බවයි පොදු පිලිගැනීම.සාමාන්යෙන් ගුවන් නියමුවො කපිතාන්වරු කියන්නෙ ගොඩක් නිර්භීත පුද්ගලයො.ඒගොල්ලො කරන රැකියාව නිර්භීතභාවය නැතුව කරනවයි කියන එකත් හීනයක්.ඒත් එහෙව්වෙච්ච කපිතාන්වරු ගුවන්නියමුවො "බර්මියුඩා" නම ඇහුණත් වෙවිලන තත්වයට පත් වීම සුලු කොට තකන්න පුලුවං කරුණක් නං නෙමෙයි.
ඇත්තටම ඒ මිනිස්සු ඒ ගැන බය නොවුණොත් තමයි පුදුමෙ.ඒ කලාපය ඔස්සේ යන ගුවන් යානා,නැව් කිසිම හෝඩුවාවක් නැතුව අතුරුදන් වෙද්දි බය නොවී කොහොමද?ගුවන් යානා නැව් වගේ වාහනවල ඒවායේ ආරක්ෂාව සම්බන්ධයෙන් කලු පෙට්ටි,රේඩාර් වගේ දේවල් තිබුණත් බර්මියුඩා අභිරහසෙදිනං ඒවගෙං වැලි කැටයක් තරංවත් ප්රයෝජනයක් ලැබුණෙ නෑ.

ලෝකයම ආන්දෝලනාත්මක තත්වයකට පත්කල බර්මියුඩා ත්රිකෝණය ගැන පළමුවරට ලෝකයාගේ අවධානය යොමු වෙන්නෙ 1950 දි. ඒ එඩ්වඩ් ජෝන්ස් කියන මාධ්යවේදියා ඇසෝසියේටඩ් ප්රෙස් කියන සඟරාවට ලියපු ලිපියක් හේතුවෙන්.
ඔහු තමංගෙ ලිපියෙදි "ඇමරිකානු නාවික හමුදාවෙ ටෝපිඩෝ බෝම්බ 5ක් 1945 වර්ෂයේ දෙසැම්බර් 5 අතුරුදන්වූ බවත්",ඊට පස්සෙ "ස්ටාර් ටයිගර් යන ගුවන් යානය 1948දීත්,ස්ටාර් ඒරියල් ගුවන්යානය 1949දීත් අතුරුදන් වූ බවත්"සඳහන් කරනවා වගේම මේ සියල්ලෙන් පුද්ගලයින් 135 පමණ ඒවන විටත් ආගි අතක් නොමැති බවත් නිරාවරණය කරනවා.ඒ වගේම අතුරුදහන් වුණ කිසිම පුද්ගලයෙක් ගැන එකඳු හෝඩුවාවක් නොලැබීම භීතියට කරුණක් වුණා.එතනිං ආරම්භ වෙච්ච බර්මියුඩා උණුසුම අවුරුදු 70ක් ගෙවිලත් අද වෙනකම්ම තියෙනවා.

බර්මියුඩා ත්රිකෝණ කතාවෙදි සිද්ධිය තවත් උණුසුම් තත්වයකට පත්වෙන්නෙ මේ සිදිධියට පිටසක්වල ජීවීන් සම්බන්ධ කර ගැනීමත් එක්කයි.මෙතෙක් කල් උණුසුම් තත්වයක තිබුණු බර්මියුඩා අභිරහස ඒ කතාවත් එක්ක ඉතාමත් උණුසුම් තත්වයකට පත් වෙනවා.මේ කාලෙ වෙද්දි ඇමරිකාවෙ කැලිෆෝනියා ප්රදේශයේ ඇතිවෙච්ච අභිරහස් සිද්ධි නිසා ඒගැන කතාබහ තවත් ඉහළ යනවා.(කැලිෆෝනියා සිද්ධි ගැන ඉදිරි ආටිකල් එකකින් කතා කරමු.)

කොහොම වුණත් බරාමියුඩා ත්රිකෝණ අභිරහසට පිටසක්වල ජීවීන් සම්බන්ධ වෙන්නෙ 1955දි.ඒ එම්.කේ ජෙසප් "The case for the UFO" කියන ලිපිය හරහා බර්මියුඩා අභිරහස පිටසක්වලයින් පිට පැටවීමත් එක්ක.

මේ අභිරහස,අද මේ තරං ප්රචලිත අභිරහසට ඒ නම ලැබෙන්නෙ 1964දි.ඒ වින්සිටන්ට් ගාඩිස් මෙය බර්මියුඩා ත්රිකෝණය ලෙස නම් කිරීමෙන් අනතුරුවයි.

ඒ වෙනතුරු බර්මියුඩා අභිරහස නිසා ජීවිත 1000කට වඩා නැතිවී තිබෙන අතර ඒ ජීවිත අහිමිවීම්වල කිසියම් රටාවක් තිබෙන බව චාර්ල්ස් බර්ලිට්ස් ඔහුගේ බර්මියුඩා ත්රිකෝණය කියන පොතේ සඳහන් කරනවා.ඒ පොත අලෙවි වාර්ථා තැබීමට සමත්වීමෙන් පෙනෙන්නෙ මිනිස්සුන්ගෙ ඒ පිළිබඳව තිබුණ උනන්දුව.

කොහොමවුණත් බර්මියුඩා අභිරහස ගැන මතවාද නම් මදිනොකියන්නම ඉදිරිපත් වුණා.සමහරු ඒ ගැන පිටසක්වලයින්ට බැණ වදිද්දි තවත් පිරිසක් භූතයින්ට බැණ වැදුණා.ඒ වගේම විද්යාත්මක මතවාද වලිනුත් බර්මියුඩා අභිරහසට විසුමක් තිබුනෙ නෑ.

ලැරී කුෂ් කියන කතුවරයා 1975දි ලියපු "බර්මියුඩා ත්රිකෝණයේ අභිරහස විසඳුවා"පොතේ අධි චුම්භක ක්ෂේත්රයක් බර්මියුඩා කලාපයේ පවතින නිසා එමගින් රේඩාර් පද්ධතියට බාධා පමුණුවා යානා හා නැව් ගිල්වාගන්නවා කියන මතය සඳහන් වෙනවා.

කොහොමවුණත් භූතයො පිසාචයො,පිටසක්වල ජීවියො ,චුම්බක ක්ෂේත්ර ඔස්සේ බර්මියුඩා අභිරහස දිගටම ගලාගෙන ආවා.

මෑතකදි නාසා ආයතනය විසින් ලබාගත් චන්ද්රිකා ජායාරූප විශ්ලේෂණය කරලා අලුත්ම අදහසක් ඉදිරිපත් කරන්නෙ බර්මියුඩා ලෝකය තව තවත් පුදුම සහගත දේවල් වලිං පුරෝමින්.
ෆ්ලොරිඩා වෙරළෙන් 240 Km පමණ ඔබ්බෙන් බහාමාස් දූපතා ආසන්නයේ 32 Km ත් 84 Km ත් අතර පරිමාණයේ අසාමාන්ය ෂඩාස්රාකාර වලාකුලු විශේෂයක් එම චන්ද්රිකා ඡායාරූප ඔස්සේ නිරීක්ෂණය වෙනවා.එවැනි වළාකුලු තියෙන එක ස්වභාවික දෙයක් වුණත් මේ වළාකුලු වලට ඍජු දාරයක් තිබීම කොහෙත්ම ස්වාභාවික නෑ.
මෙම ප්රදේශයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර 160 විතර වෙනවා.ඒ සුලං පහරට මීටර 14 උස රළ පහරක් ඇති කරන්න හැකියාවක් තබෙන බවත් සොයා ගැනුණා.

ඒත් මේ සම්බන්ධයෙන් වැදගත්ම ආරංචිය ලැබෙන්නෙ ඇරිසෝනා විශ්ව විද්යාලයේ රැන්ඩි සර්වනි විසින් ඉදිරිපත් කරපු මතයකිනුයි.
එම අසාමාන්ය වලාකුලුවලට වායුබෝම්බ නිපදවීමේ හැකියාවක් තියෙනවා කියලා කිව්වහම මුලු විද්යාත්මක ලෝකෙම තක්බීරි වෙලා යනවා.

"මයික්රො පිපුරුම්කාරක නැමති දේ එක්වීමෙන් වලාකුලු අතර වායුබෝම්බ නිපදවෙන බවත් ඒ වායුබෝම්බ වළාකුලේ පහත ප්රුෂ්ටය ඔස්සේ මුහුදට පතිත වේ"කියන එකයි සවර්වනිගෙ මතය.ඇතැම් අවස්ථා වලදි මේ වායු බෝම්බ ඉතා විශාලව පැතිරී ඒවා එකිනෙක අතර ප්රතික්රියා කරන බවත් සර්වනි වැඩි දුරටත් පැවසුවා.

විද්යාත්මක ලෝකය එදා මෙදා නොමැකෙන නාමයක් සටහන් කළ බර්මියුඩා අභිරහස තවමත් මට නං අභිරහසක්.සමහර විට මේ අභිරහසට හේතු ඔවුන් සඳහන් කරපු දේවල් වෙන්න ඇති.එහෙම නැත්තං අපි කව්රුවත්ම මේ වෙනකං හිතපු නැති වෙනමම දෙයක් වෙන්න ඇති.

ඇත්තටම මේ ලෝකෙ අභිරහස් කොයිතරං නං ඇද්ද? එන්න..... අපි ඒවා හොයාගෙන යමු.

අබ්දුල් උමර් සහන් නෙත්මිණ

14 comments:

  1. El el brother 👍❤️🤟

    ReplyDelete
  2. 👍👍👍👍👍👍❤️🤩👌

    ReplyDelete
  3. නියමයි උමර්

    ReplyDelete